පොත් ගැන

මඩොල් දූව
Madol Doova සිංහල ළමා නවකථාව ශ්‍රී ලාංකික මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කොට ඇත.1947 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත්කොට ඇත.1890 ගණන් වල ලංකාවේ දකුණු පලාතේ වෙරළබඩ ජීවත්වූ උපාලි ගිනිවැල්ලලේ යන යොවුන් තරුණයා මෙහි ප්‍රධාන චරිතයයි.ඔහු හා ඔහුගේ මිතුරා වන ජින්නා නොහොත් ජිනපාළ සමඟ සිදු කල අපූරු ක්‍රියා මෙම කථාවට පාදක වී තිබෙනවා.උපාලි සිය මිතුරා සමඟ පාළු දූපතක ජීවත් වීම සඳහා සිදුකරන ලද ඉමහත් කැපවීම මෙහි හොදින් විස්තර කෙරෙනවා. මෙම කෘතිය පසුව දෙමළ,ඉංග්‍රීසි,ලන්දේසි,රුසියන්,චීන,රුමේනියන්,බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර තිබෙනවා.1976 දී ආචාර්ය ‌‌ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මෙම කථාව චිත්‍රපටයකටද නඟා තිබෙනවා.