කතුවරු


මාර්ටින් වික්‍රමසිංහ මහතා

1890 වෙසක් මස 29 දා ලක්දිව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හබරාදූව ප්‍රදේශයේ කොග්ගල මලල ගමදී උපත ලැබීය. පියා ළමා හේවගේ දොන් මාර්ටින් බස්තියන් සිල්වා සහ මව ලියනගේ නොච්චිහාමි මාතාවයි. දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා වීමේ භාග්‍ය ලැබුවේ වික්‍රමසිංහය. ළඳරු වික්‍රමසිංහයන් මුලින්ම අකුරු කරනු ලැබුවේ ගමේ අන්දිරිස් ගුරුන්නාස්ගේ ගුරු ගෙදරිනි.
ඉන්පසුව ගාල්ලේ බොනවිස්නා විදුහලෙන්ද අහංගම සිංහල පාසලෙන්ද අධ්‍යපනය ලැබීය. පස්වන ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ ඔහු සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා පාසල් ගමන නතර කළද පොත්පත් පරිශිලනය කිරීමේ පුරුද්දක් ඔහු ඈත් වූයේ නැත.
කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළමේ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, මඩකලපුවේ කොරනොලිස් සිල්වා වෙළෙඳසැලේ ඉතා අඩු වැටුපකට රැකියාව කළ ඔහු 1920 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රැකියාවට වැදුණු අතර, 1925 නොවැම්බර් 30 දා කතළුවේ ප්‍රේමාද සිල්වා මෙනෙවිය සමග විවාහ විය. මෙම විවාහයෙන් දරුවන් හය දෙනෙකුගේ ආදරණීය පියා වීමේ වාසනාව වික්‍රමසිංහට හිමි විය.
කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළඹ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, සුරංගනා, වීරකතා, රහස් පරීක්‍ෂක කතාන්දර ඔස්සේ ගොඩ නැග තිබූ අපේ ළමා කතා සාහිත්‍ය නව මගකට යොමුකළ, මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව, අපේ ගම කෘතින්ගෙන් තොරව දේශීය ගුණ සුවඳින් පිරුණු ගෙනහැඑ පෑම ඉතා උගහටය. ඊට හේතුව මාදං, බෝවිටියා, කිරල ළඳු කැලෑ අතර තම බාලවියේ කරක් ගැසූ වික්‍රමසිංහ ස්වීයඅත්දැකීම් මහා පරිකල්පනයකින් යුතුව ළමා සිත් පමණක් නොව වැඩ හිටි සිත්ද ඇද බැඳ ගන්නා අයුරින් ප්‍රතිනිර්මාණය කළ නිසාවෙනි. විසිවන සියවසේ කලාත්මක ළමා සාහිත්‍ය නිර්මාණයන් කිරීමේ පුරෝගාමිකයන් අතර වික්‍රමසිංහ ප්‍රමුඛස්ථානයක් ගනී.
වික්‍රමසිංහයන් අතින් ජීවිතාන්තය දක්වා ලියැවුණු කෙටි කතා ගණන 108 කි. කෙටි කතා සංග්‍රහ වශයෙන් 13ක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. ගැහැනියක්(1924), චරිතා දර්ශකතා(1927),බිල්ල සහ අපූරු මුහුණ(1944), හද සාක්කි කීම(1946) , මගේ කථාව(1947), පව්කාරයාට ගල් ගැසීම(1936), වහල්ලු(1951) ඒවායින් සමහරෙකි. එතුමා 1976 ජූලි 23 දා ජාතියෙන් සදහටම සමුගත් වගයි. 






මහගම සේකර   මහතා


ජීවන තොරතුරු

කොළඹ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ රදාවානේ මහවත්තේදී 1929 අප්‍රේල් 07 වන දින උපත ලැබීය. මහගමගේ ජෝන් අප්පුහාමි පියා විය. රණවක ආරච්චිගේ රොසලින් නෝනා මව විය. පවුලේ එකම දරුවා සේකර විය. මූලික අධ්‍යාපනය ලැබුවේ රදාවාන රජයේ පිරිමි විදුහලෙනි. පාසල් අවධියේ නම වූයේ මහගමසේකර යනුවෙනි. පාසල් අවධියේදී ගායනයට හා වාදනයට එකසේ ඇළුම් කළේය. කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයේ නම වෙනස් වී මහගමගේ සේකර යනුවෙන් සඳහන් වී ඇත. 1943 වසරේදී කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වූ සේකර උසස් අධ්‍ය පනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විදුහලට ඇතුල් විය. එම විදුහලෙන් සේකර ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම කාලයේදී ඔහු කොළඹ ටෙක්නිකල් විදුහලේ චිත්‍රකර්ම ශිල්පය දියුණු කර ගත්තේය. 1949 දී පැවති චිත්‍ර කර්ම ගුරු විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1950 ජනවාරි 30 වනදා නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළු විය. 1952 දී රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ්‍ර පාසලට ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලැබීය. සය වසරක් ගුරුවරයෙකු වශයෙන් සිටි සේකර තරඟ පරීක්‍ෂණයකින් තේරී රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස පත්වීමක් ලැබීය. 1960 දී එයින් අස් වූ සේකර ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් සේවයට එක්විය. 1963දී උපාධිධාරි ගුරුවරියක් වූ කුසුම්ලතා සුරවීර මෙනවිය සමග විවාහ විය. 1968 දී ගුවන් විදුලියෙන් අස් වූ සේකර මීරිගම ගුරු අභ්‍යස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීය. 1969 දී විද්‍යෝද්‍යය විශ්ව විද්‍යාලයෙන් සිංහල උපාධිය ලබා ගත්තේය. 1971 දී ලලිත කලායතනයේදී විදුහල්පති වශයෙන් පත්විය. 1974 දී විද්‍යෝද්‍යය මණ්ඩපයෙන් පී.එච්.ඩී. උපාධිය ලබා ගත්තේය. 1974 දී ජනවාරි 14 වනදා හදිසි හෘදයා බාධයකින් සේකර ගියේය. නිර්මාණ 1961 දී වෝරා පබ්බත, කුණ්ඩළකේසි, ස්වරණතිලකා, සද්දන්ත ආදි නාට්‍ය එකතුවක් පලකෙරින. 1962 දී මූදුපුත්තු නාට්‍යය බිහි කළේය.




සයිමන් නවගත්තේගම මහතා


Image result for saiman nawagaththegama


1940 සැප්තැම්බර් 15 වන දින ‘නවගත්තේගම’ නම් ග්‍රාමයේ උපත ලැබූ සයිමන් නවගත්තේගමයන් කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, නිෂ්පාදකවරයකු මතු නොව නළුවකු වශයෙන් ද ප්‍රකට ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. වන්නිකරයේ බස් වහර නිර්මාණශීලී ලෙසින් තම ලේඛනයට යොදා ගත් නවගත්තේගමයන් ස්වකීය ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘ඔහුගේ කතාව‘ 1961 දී පළ කරනු ලබන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස උගන්නා අවධියේදී ය. බටහිර සාහිත්‍යයේ ප්‍රචලිත ව තිබූ අධි යථාර්ථවාදී රීතිය සිංහල පාඨකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ නවගත්තේගමයන් ය. ඔහුගේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ නම් කෙටිකතා සංග්‍රහය බොහෝ විචාරකයන් හැඳින්වූයේ පශ්චාත් නූතනවාදී සංකල්පයේ මූලික ම අවස්ථාවක් ලෙසයි. සමකාලීන සමාජ සිදුවීම් පාදක කොට ගනිමින් 1992 දී නිර්මාණය කළ ‘භාවනාව‘ කෙටිකතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් අතර 1999 දී රචිත ‘සංසාරණ්‍ය අසබඩ’ නවකතාවට ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ’සුබ සහ යස’, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍ය අසබඩ, සාපේක්‍ෂණී, ක්‍ෂීර සාගරය කැලඹිණ, සුද්දිලාගේ කතාව, සාරදාගේ මංගල්‍යය, අර්ජුන කුමාරයාගේ කතාව, සංසාරණ්‍යයේ උරුමක්කාරයා, සාහිත්‍ය සමාජ වාදය හා කලා විචාරය ඔහු විසින් රචිත කෘති අතර වේ. 1980 දශකයේ අවසන් භාගයේ මෙරට ඇතිවූ දේශපාලන කැලැඹීම් හා අවිනිශ්චිතභාවයන් සිය නිර්මාණ කෙරෙහි අපූර්ව ලෙසින් යොදා ගත් නවගත්තේගමයන් 2005 ඔක්තෝබර් 11 වැනිදා දැයෙන් සමුගත්තේ ය.